එන්නත් හිඟවීමෙන් රටපුරා 20 ක් මියගිහින්

මේ වනවිට සුනඛයන් සපා කෑමකදී ලබාදෙන එන්නත් දෙකම හිඟවී තිබෙන බව ත්, සර්ප විෂට අදාළ ප්‍රතිසර්ප විෂ එන්නත හිඟවී තිබෙන බව ත්, ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ රටපුරා 20 දෙනෙකු මියගොස් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් නිර්මාණය වන බවයි.

විශේෂයෙන්ම ප්‍රතිජීවක වර්ග, කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග, දණහිසේ වේදනාවට ගන්නා වේදනා නාශක ආලේපනවල හිඟයක් ද පවතින බවත් දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ග ද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

යම් රෝහලක් තොග ගබඩාවලින් ඖෂධ ඇණවුම් කළ විට සියයට විස්සක ප්‍රමාණයක් දැනට ලබාදෙන අතර එම ප්‍රමාණය ද ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇත. දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන බව ත්, එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බව ත් සභාපතිවරයා පෙන්වා දෙයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.