අංක තහඩුවට අනුව තෙල් දෙන්න දවස් දෙයි

සියලුම රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සදහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දාත් 3, 4 සහ 5 අංක සහිත වාහනවලට අඟහරුවාදා සහ සිකුරාදා දිනත් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර වාහන අංක තහඩුවේ අවසන් අංකය 6,7,8 සහ 9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමටයි යෝජනාවී ඇත.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා සතියකට හෝ මාසයකට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැකි අතර කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

මේ අතර මීගහතැන්න සහ නිකවැරටිය පොලිස් වසම්වල ඉන්ධන පිරවුම්හල් දෙකක් අසල කලහාකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මීගහතැන්න – පැලවත්ත ඉන්ධන පිරවුම්හල අසලදී එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ හා යුද හමුදා සෙලුන්ගේ රාජකාරියට බාධා කරමින් හා මහජන සාමය කඩවන අයුරින් බීමත්ව කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එමෙන්ම බණ්ඩාරවෙල ඉන්ධන පිරවුම්හලක ඊයේ (22) උණුසුම් තත්ත්වයක් හට ගත්තේ වෙනත් වාහනයක් පෝලමට පිටතින් ගොස්, අත්‍යවශ්‍ය සේවා සඳහා වෙන්කර තිබූ ස්ථානයෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සහ කිරීමත් සමග යි.

කෙසේ වෙතත්, දිවයින පුරා ඉන්ධනහල් ඉදිරිපිට දිවා රෑ පුරා අඛණ්ඩව පවතින්නේ දිගු පෝලිම් දක්නට ඇත. .

සබැඳි

Leave a Reply

Your email address will not be published.