වික්ටර් අයිවන්, ඩිල්රුක්ෂි ඩයස් ඇතුළු පිරිසක් ජවිපෙ මුලස්ථානයට

වික්ටර් අයිවන්, ඩිල්රුක්ෂි ඩයස්, සරත් ප්‍රනාන්දු, ඇතුළු ප්‍රතිසංස්කරණය සඳහා ජනතා ව්‍යාපාරයේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර සාකච්ඡාවක් ඊයේ (22) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එම සාකච්ඡාවට ප්‍රතිසංස්කරණය සඳහා ජනතා ව්‍යාපාරයේ වික්ටර් අයිවන්, ඩිල්රුක්ෂි ඩයස්, සරත් ප්‍රනාන්දු, මහේන්ද්‍ර ජයසේකර ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ නායක අනුර දිසානායක සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්වී සිටියහ.

ඔවුන් විසින් කෙටුම්පත කර තිබෙන යෝජනා මාලාව පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබිණ. එම යෝජනා අතර දූෂිත, අකාර්යක්ෂම, ජනතා විරෝධී හා යල් පැනගිය දේශපාලන පද්ධති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට අදූෂිත, කාර්යක්ෂම, ජන හිතකාමි හා නවීන දේශපාලන පද්ධති ක්‍රමයක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාව දැන් සිටින අවාසනාවන්ත තත්වයෙන් ගොඩගෙන සියලු දෙනාගේ ගෞරවයට හා අභිමානයට හේතුවන ශ්‍රී ලංකාවක් ප්‍රති නිර්මාණය කිරීම මූලික කරගත් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.