පොලිසිය අලුත් වටිනාකම් හදයි : අරගලකරුවන් හත්දෙනා රිමාන්ඩ් !

එරංග ගුණසේකර, ජගත් මනුවර්ණ, ලහිරු වීරසේකර, රතිඳු සේනාරත්න ඇතුළු අරගලකරුවන් හත්දෙනා ලබන 01දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (22) නියෝග කළේය.

පොලිසිය විසින් මෙම පිරිසට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනුකර තිබිණි. මුල් බී වාර්තාවේදී පොලිසිය විසින් විත්තිකරුවන් පොදු දේපොළවලට කළ හානිය ලෙස දක්වා තිබුණේ රුපියල් 60,000කි. නමුත් අද වැඩිදුර තොරතුරු ඉදිරිපත් කළ බී වාර්තාවේ පොලිසිය එම හානිය දක්වා තිබුණේ රුපියල් 167,000ක් ලෙසයි. ඊට හේතුව ලෙස පොලිසිය පැවසුවේ මාර්ගයට සිදු වූ හානිය ඉංජිනේරුවන් මාර්ගයෙන් පසුව තක්සේරු කළ බවකි.

නීතිඥ කෞෂල්‍ය නවරත්න, සුනිල් වටගල ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටියහ.

පසුගිය ජුනි 9 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනිණි. ඒ අද මධ්‍යහ්නයේ මරදාන පොලිසියට පැමිණීමෙන් පසුව ය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණෙර් රතිඳු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, ධම්මික මුණසිංහ යන පිරිස ය.

අරගලකරුවන් හත්දෙනා ලබන 01දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරයි

(4) Facebook

lankaweb.lk
lankaweb.lk

Leave a Reply

Your email address will not be published.