ගෝඨාභය ගැන හූල්ගෙන් අනාවරණයක් !

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සහතික‍ කිසිදු අවස්ථාවක මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළ බව මැතිවරණ කොමිසමේ එවකට සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසා තිබේ.

ඔහු ඊයේ (21) මේ බව දිවුරුම් පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ පෙත්සමකට අදාළව වගඋත්තර දක්වමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී එවකට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කළ ආකාරයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිවූ බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබිණි.
මේ පෙත්සම ලබන 30දා නැවත කැඳවීමට නියමිතයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.