“රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පාලනයේ ‘බොඩි ආමර්’එක”

පතවදුරටත් මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් නැති බවත් පෝලිම්වල මිය යන්නේ ජනතාවගේ වරදින් නොවන බවත්. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අද (22 ) බත්තරමුල්ල, පැලවත්ත පක්‍ෂ මුලස්ථානයේ පැවති මාධ්‍යහමුවක් පවත්වමින් පැවය.

අද අපේ රටේ මතුවී තිබෙන බරපතළ ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බැවින් තවදුරටත් අපේ රට පාලනය කිරීම සඳහා ඔවුන්ට යුක්තිසහගත අයිතියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පත්වී පසුගිය අවුරුදු දෙකහමාර ඇතුළත කැබිනට් මණ්ඩල හතරක් හැදුවා. විටින් විට අමාත්‍ය ධුර වෙනස් කරමින් ඇමතිවරුන් පත් කළා. මුදල් අමාත්‍යාංශයට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂ සහ දැනට රනිල් වික්‍රමසිංහ පත්කර සිටිනවා. කෙටි කාලයක් තුළ මුදල් ඇමතිවරු පස්දෙනෙක් පත්කර තිබෙනවා. බලශක්ති ඇමති හැටියට උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, දැන් කාංචන විජේසේකර ඉන්නවා. අමාත්‍ය ධුර වෙනස් කරමින් අමාත්‍යාංශ වගකීම් වෙනස් කරමින් පිස්සාගේ පලා මල්ල වගේ රටක් හසුරුවන තැනට ක්‍රියාකරමින් ඉන්නවා. මේ නිසා කිසිදු අමාත්‍යාංශයක්, ආයතනයක් ඔවුන්ට පැවරී තිබෙන නිශ්චිත වගකීම් ඉටුකරන්න අසමත් වී තිබෙනවා. අධ්‍යාපන ඇමතිවරයාගේ වගකීම බවට පත්වී තිබෙන්නේ පාසල් වසා දැමීමයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම බවට පත්වී තිබෙන්නේ රෝහල්වලට ඖෂධ නැති තත්වයක් ඇති කිරීමයි. ඛනිජ තෙල් ඇමති ඉන්නවා තෙල් නැහැ. කෘෂි ඇමති ඉන්නවා පොහොර නැහැ. රාජ්‍ය පරිපාලන ඇමති ඉන්නවා. රාජ්‍ය සේවය වහලා.

තවදුරටත් මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් නැහැ. විවිධ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ ජනතාව දේශපාලන ව්‍යාපාරවලට ඍජුව සම්බන්ධ නැති පොදු පුරවැසියන් පාරට ඇවිත් කෑගහලා ගෙදර යන්න කියලා කීවා. කෙටි කාලයකට බංකරේක සැඟවී සිටි අගමැතිවරයා දැන් එළියට ඇවිත් සුපුරුදු සෙල්ලම පටන්ගෙන තිබෙනවා. ජනතාව කෑ ගහලා කීවේ මේ ආණ්ඩුව කෙරෙහි පැනනගිමින් තිබුණු කෝපය සහ විරෝධයයි. එම විරෝධයෙන් රාජපක්ෂ පවුලත් ආණ්ඩුවත් බේරා ගන්න ‘බොඩි ආමර්’ එකක් වගේ රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළා. ඒ හැර රටේ ජනතාව මුහුණ දෙමින් තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට නොතිබුණු බව දැන් හරිම පැහැදිලියි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පාලනයේ ‘බොඩි ආමර් එක වී සිටිනවා.

පෝලිම්වල මිය යන, කුඹුරට ගිහින් ඒ දිහා බලාගෙන හූල්ලන, ඖෂධ නැතිව වේදනා විඳින කිසිකෙනෙක් මේ තත්වයට වගකිවයුත්තන් නොවේ. ඔවුන් මේ තත්වයට පත්වී තිබෙන්නේ මහජන දේපළ හොරකම් කිරීමෙන් හෝ අකාර්යක්ෂමතාවයෙන් හෝ වැඩ නොකර සිටීමෙන් නොවේ. ඒ නිසා මේ තත්වයට පුරවැසියන් කිසිසේත්ම වගකියන්න ඕනෑ නැහැ. මේ තත්වයට වගකියන්න ඕනෑ පසුගිය දශක හතක් තුළ රට පාලනය කළ අය සහ ඔවුන්ට සම්බන්ධ චෞර වළල්ලයි. ඔවුන්ට මේ ප්‍රතිවිපාක කිසිවක් දැනෙන්නේ නැහැ. 21 වැනිදා රනිල් වික්‍රමසිංහ කූලර් හයිකරගෙන යෝගා කළා. ව්‍යායාම කරනකොටත් කූලර් හයිකරගෙන ඉන්නවා නම් කාමරවල ඉන්නකොට කොහොම ඇත්ද? මේ වගේ නායකයන් සියලු අර්බුදවලට මුළුමනින්ම වගකියන්න ඕනෑ. අපේ රටේ දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා මුහුණ දී තිබෙන අර්බුදයේ වගකිවයුත්තන් මේ රටේ පාලකයනුයි. යනුවෙන් පැවසීය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.