ඇෆ්ගන් ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට

ඇෆ්ගනිස්තානයේ පක්ටීකා ප්‍රාන්තයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 950ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් පුද්ගලයින් 600ක් පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන්ව තිබුණි.
ඇෆ්ගනිස්තානය පවසා ඇත්තේ භූ කම්පනයෙන් සිදුවූ මරණ සහ තුවාල සිදුවූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවය.