හිරුණිකා ඇතුළු සමගි වනිතා බලවේගය අගමැතිගේ නිවාස ළඟ විරෝධතා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ 5 වන පටුමගේ පිහිටි නිවස ඉදිරියේ විරෝධතාවයක් සංවිධානය තිබිණි. මේ සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ සමගි වනිතා බලවේගයේ කාන්තාවන් සහබාගි තිබිණි.

එය අත්හිටුවන ලෙස ඉල්ලා පොලීසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලා සිටියද අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විරෝධතාවය ඔහුගේ නිවස ඉදිරියේදී දිගු වෙලාවක් පවත්වා තිබේ.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේ පාර්ලිමේන්තුවට සහභාගීවීය.

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට අගමැතිධූරය භාරගත් බවත්, ඔවුන් රටේ ප්‍රශ්න නොවිසඳන බවත් පවසමින් මෙම පිරිස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විරෝධතාව‍යේ නිරත විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ.

ඡායාරුප ලංකාදීප ඇසුරින්

Leave a Reply

Your email address will not be published.