වසර 30කට පසු ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාවට තරගාවලි පරාජයක්

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක් දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ලකුණු 4කින් ජයගැනීමට ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී මෙලෙස පරාජයට පත්වූයේ වසර 30කට පසුවය.

එමෙන්ම 2010 වසරේ නොවැම්බරයේ මස ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග 3කින් සමන්විත තරගාවලියේ මෙල්බර්න් හා සිඩ්නි ක්‍රීඩාංගණවල තරග දෙකේ ජය ලබා 2-1ක් ලෙස තරගාවලි ජය සතු කර ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පිල ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාරයක් ඉතිරිව තිබියදී සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106කදී ලකුණු 110ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුලත් වූ අතර පන්දු 61 කදී ලකුණු 60 ක් රැස් කළ ධනංජයද සිල්වාගේ ඉනිම හතරේ පහර 7කින් අලංකාරවත් විය.

පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල්, එක් කඩුල්ලක් දවා ගත් අතර පැට් කමින්ස්, මිෂෙල් මාශ් සහ මැතිව් අතර කඩුලු 2 බැගින් දෙවී ගියේය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ඔස්ට්‍රේලියානු පිල සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 254 ක් රැස් කළේය. තරගයේ වැඩිම ලකුණුලාභියා වුණු ඩේවිඩ් වෝනර් පන්දු 112 ක් තුල ලකුණු 99 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුලත් විය.

චාමික කරුණාරත්න ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර දසුන් ශානක,වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ දුනිත් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. පන්දු 106 කදී ලකුණු 110 ක් රැස් කළ චරිත් අසංලංකට තරගයේ වීරයා ස්මමානය හිමිවිය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.