සෞඛ්‍ය අංශයට ඉන්ධන දෙන ස්ථාන

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සිකුරාදා දිනයන් හි ඉන්ධන ලබා ගැනීමට යා හැකි පිරවුම්හල් පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.

ඒ අනුව, එම සේවකයින්ට ඉන්ධන පිරවුම්හල් 74කින් ඉන්ධන නිකුත්කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මෙසේ පවසා තිබිණි.

“විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට පහළ කම්කරුවා දක්වා සිටින අයට මූලික අවශ්‍යතාවයක් වන තමන්ගේ ඉන්ධන ටික ලබාගැනීම සඳහා පහසුකම ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ. ඒකට සීමාවන් දාලා තියෙන්නේ. ඒ සීමාවනුත් අපිට වෙනස් කරගන්න පුළුවන්. වාහනයකට ලීටර් 40ක්, ත්‍රීරෝද රථයකට ලීටර් 20ක්, යතුරුපැදියකට ලීටර් 6ක් හෝ 5ක් සඳහන් කරලා තියෙනවා. මෙහි වෙනසක් කරන්නට අවශ්‍යනම්, අවශ්‍යතාවයන්වල වෙනසක් ඇතිවෙනවා. ඒක අපිට සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්.”

එම ඉන්ධහල් පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙයි.

lankaweb.lk
lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.