ජනතාවගේ ප්‍රශ්නවළට පිළිතුරු නැති පාර්ලිමේන්තුව කුමටද? විපක්ෂය නැගිට යයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර නැගිට යයි. මේ අනුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හා ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවෙන් නැගිට යයි.

එසේ නැගිට යමින් අනුර දිසානායක ප්‍රකාශ කළේ.

“මේ පාර්ලිමේන්තුවේ විහිළුවක් වෙනව. මේ ජනාධිපති දිගටම කටයුතු කළේ උඩඟු මිනිහෙක් විදිහට. තමන් තමයි හොදටම කළේ, තමන්ට තමයි හොඳටම තේරෙන්නෙ, කියකියා කටයුතු කළේ. ජනතාව ගෑස් නැත්නම්, තෙල් ටිම නැත්නම්, පෝලිම් වල ජනතාව මැරෙනවනම්, දරුවන් රෝහල් වළ මියයනවානම්, මීවට පිළිතුරු නැති ආණ්ඩුවක් මොකටද?. ජනතාව මේ ජනාධිපතිට ගෙදර යන්න කිව්වා. ඒ කෝපය හරියටම හරි. ඒකට පිළිතුරු දුන්නෙ කොහොමද අසාර්ථක රනිල් සමඟ හොර රහසේ සාකච්ඡා කරලා හොර රහසේ ආණ්ඩුවක් හැදුව. දින 52 ආණ්ඩුවේ කුමන්ත්‍රණය හා සමානවම කුමන්ත්‍රණයක්. දැන් අගමැති රනිල් අර්බුදයේ ප්‍රකාශකය වෙලා.
ජනතාව මේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මේ ආණ්ඩුව පමණක් නෙමෙයි මේ පාර්ලිමේන්තුව විශ්වාස කරන්නෙත් නෑ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තවදුරටත් කාලය කා දැමීම පලක් නෑ.
මේ පාර්ලිමේන්තුවට මේ ආණ්ඩුව පැහැදිලි , නිශ්චිත කෙටිකාලීන ජනතාවට පිහිටවීමේ සැලසුමක් නැතුව රැස්වීමේ කිසිම පලක් නෑ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවේ කිසිම සාකච්ඡාවක් සිදුකිරීම පලක් නෑ . ඒ නිසා මේ ආණ්ඩුව ඉතාම කෙටි කාලයක න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොම ද? මේ අර්බුදය තමන් තෝරන්නේ කොහොම ද? අර්බුදයෙන් ගොඩ ඒමට තියෙන දැක්ම කුමක් ද කියලා. ඒ නිසා විපක්ෂයේ අපි සියලුදෙනා තීරණය කරනවා මේ පාර්ලිමේන්තුව සතියකට වර්ජනය කරන්න”

Leave a Reply

Your email address will not be published.