පිලිපීන ජනාධිපති රොද්‍රිගෝගේ දියණිය සාරා උප ජනාධිපතිනිය වෙයි

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමහල් දියණිය වන සාරා ඩුටර්ටේ එරට උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය.

දාවෝ නගරයේ දී ඇය උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 44 හැවිරිදි සාරා ඩුටර්ටේ මීට පෙර නගරාධිපතිවරියක ලෙස ද කටයුතු කළාය.

ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ ධුර කාලයෙන් පසු ඇය පිලිපීන ජනාධිපතිවරිය ලෙස තේරී පත්වනු ඇති බව එරට දේශපාලන විශ්ලේෂකයින් පවසා තිබිණි.

බොංබොං මාකෝස් සමග උප ජනපතිධුරයට තරග කරන ඇය, ඔහුත් තමාත් “එක් කණ්ඩායමක්” බවත්, පිලිපීනය යළි නගා සිටුවන බවත් පවසා තිබිණි. ඇයගේ වසර 6ක් වන ධුර කාලය මෙම මස 30 වනදා ඇරඹෙන අතර එදිනම පිලිපීනයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ගේ ධුර කාලය ද එදින ආරම්භ වීමට නියමිතය.

සාරා ඩුටර්ටේ ඇගේ පියා ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ සහ ඇගේ මව අසල සිට දිවුරුම් දුන් අවස්තාව

සබැඳි

Leave a Reply

Your email address will not be published.