මෝදිගේ ‘වියත් මගේ’ ප්‍රධානියෙක් ගෝඨා – රනිල් හමු වෙයි !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ දාර්ශනික ව්‍යාපාරය ලෙස හැඳින්වෙන රාෂ්ත්‍රීය ස්වායම්සේවක් සංග් (Rashtriya Swayamsewak Sangh – RSS) හි ජ්‍යේෂ්ඨයෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීම සඳහා මෙරටට පැමිණීමට නියමිත ය.

භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම්වරයා ද වන රාම් මාධව් මෙසේ ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ හිතවතෙකු ලෙස ද ප්‍රකට ය.

එසේම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග ද සමීප ඇසුරක් පවත්වන මාධව්, තම සංචාරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ ද හමුවීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මීට පෙර පවසා තිබුණේ තම පක්ෂය ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආකෘතියට අනුව සකස් කළ යුතු බවයි.

මේ අතර භාරතීය ජනතා පක්ෂයේ සමීපතමයෙකු වන ගෞතම් අදානි මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බලශක්ති ව්‍යාපෘති දෙකක් පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් මතු වී තිබෙන අවස්ථාවක මාධව්ගේ මේ සංචාරය තීරණාත්මක වේ.

Leave a Reply

Your email address will not be published.