අයි.එම්.එෆ් එකට කරදර නිසා අත්අඩංගුවට ගත්තා – පොලිසිය

ගෝල්ෆේස් අරගලය අද (20) පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර සාකච්ඡාවට බාධාවක් ද වන නිසා එහි පිරිසක් අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

අද උදෑසන අරගලකරුවන් 21දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළු වන සියලුම පිවිසුම් අවහිර කරමින් රාජ්‍ය සේවකයින්ට සහ පුරවැසියන්ට එම ස්ථානයට ඇතුළු වීමට බාධා කළ බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර බෞද්ධ භික්ෂුවක්, කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමින් 16 දෙනෙකු සිටින අතර, ඔවුන් අද පස්වරුවේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.