තිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා !

තිස්සමහාරාම පොලිසිය විසින් අත්තනෝමතික ලෙස තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද (20) විරෝධතාවක් පැවැත්විණි.

පසුගිය මැයි 09දා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට සහ ඔහුගේ නිල කැබ් රථයට අලාබහානි කිරීමේ චෝදනා මත මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව පොලිසිය මගින් චෝදනා ගොනුකොට ඇත්තේ පොදු දේපොළ පනත යටතේ ය.

අද (20) මෙම පිරිස යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.