ඇමති සහ පොලිස් ප්‍රධානීන් සාකච්ඡා, අවම බලය යොදන්න තීරණයක්

ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන්කාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව අවම බලය භාවිත කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසියට උපදෙස් දී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස් ප්‍රධානීන් අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇති වන එවැනි කලහකාරී සිදුවීම් හමුවේ ඒ ඒ ප්‍රදේශවල නීතිය සහ සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මහජන ආරත්ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගත් බව සදහන් වෙයි..

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම සිදුවීම් පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳවද අදාල සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.

කෙසේ වෙතත්, සාමකාමී විරෝධතාවලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස මෙම සාකච්ඡාවේදි අවධාරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඉන්ධන පිරවුම්හල්වල ඇති වන නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා පොලිසියට අමතරව යුද හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් සාමකාමී විරෝධතාවලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවයි අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පවසා ඇත.

කෙසේවෙතත් ඊයේ මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල පැවැති පිරිසක් කලහකාරි ලෙස හැසීරී ඇති අතර අසල තිබුණු හමුදා මුරකුටියකට පිරිසක් ගල් ප්‍රහාරයක් සිදු කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කිහිපදෙනෙකු අත්අංගුවට ගෙන ඇති අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.