එරංග, මනුවර්ණ, රැට්ටා, ජෙහාන් ඇතුළු 09ක් අත්අඩංගුවට ගන්න නියෝග

පසුගිය ජුනි 09 සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, වසන්ත මුදලිගේ, ලහිර චතුරංග වීරසේකර, රත්වත්තේ ජිනරතන හිමි, ගල්වැව සිරිධම්ම හිමි, සමාජමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කර ඇති නිවේදනය අනුවය.
එම නිවේදනය අනුව වසන්ත මුදලිගේ, ලහිර චතුරංග වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මණුවර්ණ, ධම්මික මුණසිංහ, රත්වත්තේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ගල්වැව සිරිධම්ම හිමි සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.
මෙම නඩුව ලබනමස 05 වනදා යළි කැඳවීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර පහතින්,

