සිකුරාදා නිවාඩු දිනයේ චක්‍රලේඛය නිකුත් කරයි

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.
ඒ අනුව සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනු ලැබුවත් සතියේ වෙනත් දිනයක් රජයේ නිවාඩු දිනයක් වුවහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය දිනයක් ලෙස සලකා කාර්යාල විවෘත කළ යුතු බවද එහි සඳහන් වේ.
මේ අතර එම චක්රලේකයේ සඳහන් වන පරිදි ඉදිරියේදී රටතුල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වන බවද ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් සිකුරාදා දිනයේ ගෙවතු වගාවේ නිරත වෙන ලෙසද දන්වා තිබේ.
චක්‍රලේකය පහතින් දැක්වේ.