“ආර්ථිකයට දරන්න බෑ තේ පානය අවම කරන්න”

පාකිස්තානයේ ආර්ථිකය ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා දෛනික තේ පානය අවම කරන ලෙස එරට රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානය ලොව විශාලතම තේ ආනයනකරු වන අතර, පසුගිය වසරේදී ඩොලර් මිලියන 600කට වඩා තේ මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.
පාකිස්තාන ජනතාව දෛනික තේ පානය අවම කිරීමෙන් එරට ආනයන බිල්පත් අඩුවනු ඇතැයි පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අහ්සාන් ඉක්බාල් ප්‍රකාශ කර ඇත.
පාකිස්තානයේ විදේශ මුදල් සංචිත බරපතළ ලෙස පහත වැටී ඇති අතර දැනට සිදුකෙරෙන සියලු ආනයන සඳහා එය ප්‍රමාණවත් වන්නේ මාස දෙකකට වඩා අඩු කාලයකට බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.