“අපේ යානය තවත් ගුවන්යානයක ගැටීමේ අවදානමකට ලක්වුණේ නෑ” – ශ්‍රී ලන්කන්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානයක්, තවත් ගුවන්යානයක ගැටීමට ගිය අවස්ථාවක් මඟහරවා ගැනීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
– උපුටා ගැනීම –
2022 ජුනි 13 වැනිදා, ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන්යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන්යානය හැසිරවීමට සමත් වූ බව අපි තහවුරු කරන්නෙමු.
කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේදී UL 504 ගුවන්යානය තවත් ගුවන්යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.
අපගේ ගුවන් නියමුවන්ගේ විචක්ෂණශීලීභාවයත්, ගුවන්යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්ෂිතව පියාසර කිරීමේ අවස්ථාව සැලසිණි.
සබැඳි පුවත්
ශ්‍රී ලංකන් ගුවන් නියමුවා විශාලතම ගුවන් අනතුරක් වලකා ගනියි

Leave a Reply

Your email address will not be published.