දින හයක් මුහුදේ තිබූ ගෑස් නැවට මුදල් ගෙවයි

ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නොහැකි වීමෙන් දින 11 ක් රටපුරා ගෑස් බෙදාහැරීමට නොහැකි වූ දින හයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් රැගත් නෞකාවට මුදල් අද (14) ගෙවූ බවත් ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් වාර්තා වේ.
මෙම නැවට මුදල් ගෙවීම ප්‍රමාදය වීම නිසා දින 11 ක් රටපුරා ගෑස් බෙදාහැරීමට නොහැකි වූ අතර හෙට (15) දහවල් වන විට ගෑස් බෙදාහැරීමට හැකිවනු ඇති බව ලිට්රෝ සමාගමේ ප්‍රකාශකයෙක් මාධ්‍යට පැවසීය.
පසුගිය 8 වැනිදා පෙවරුවේ කොළඹ වරායට ළගාවූ මෙම නෞකාවට ගෙවීමට ඉතිරිව තිබූ ඩොලර් මිලියන 2.5 ගෙවීමට නොහැකිවීමෙන් ගෑස් තොගය ගොඩබෑමට නොහැකි වී තිබී ඇත.