ආපුටුංගෝ මාපුටුංගෝ මේ පොත් කවරය බලන්න !
ලපටි කාලේ මඩ ගොඩෙයි කැලෑකොළෙයි දොළෙයි පිමි පැන පැන, අත්තම්මායි ආතායි කියාදීපු අරුම පුදුම කතන්දර ලෝකයක් අස්සෙන් ජීවිතේ හොයන් යන බුහුටි ගෑනු ළමයෙක්. පසුබිමෙන් පෙනෙන විසාල හඳක් මැද්දෙන්, තමන් ආසාවෙන් එකතු කළ පොඩි පොඩි ටොනික් පියන් – වේළපු මල් – කතා පොතක් – කුරුලු පිහාටුවක් – දං අහුරක් පිරුණු මල්ලකුත් කර තියන්, පුංචි බස්සෙකුයි කුරුල්ලො දෙන්නෙකුයි දෙපැත්තෙන් තනියට තියන් ප්‍රීතියෙන් ඇවිදගෙන යන පොඩි ගෑනු ළමයෙක්.
මේ කවරේ ඇහැ ඉවත නොයවන කවරයක්. රෙඩ් රයිඩිං හුඩ්, අමල්බිසෝ, හිම කුමාරි, තම්බලීනා, වසිලිස්සා ළඟට අපිව ගෙනියන නිසා. ඒ වගේ ම, භාවිත කරලා තියෙන රූපවල අල්ප බව. විච්චූර්ණ රහිත බව.
අනෙක වර්ණ. මේ වර්ණ භාවිතය ඇහැට ප්‍රියයි. ඇහැට අනවශ්‍ය පීඩනයක් ඇතිකරන වර්ණ නැහැ. නිල් සහ කහ. නිල් වර්ණයෙන් නිදහස, පරිකල්පනය, නිර්භීත බව ආදියත් කහ වර්ණයෙන් බලාපොරොත්තු, සන්තෝසජනක බව, තාරුණ්‍යයත් නියෝජනය කෙරෙන බව පිළිගැනීමයි.
මේ ආදරේ හිතෙන, චිත්තාකර්ෂණීය කංචුකය හිමි සුහර්ෂිණීගේ අලුත් කතා පොතටයි. නිමැවුම්කරු | සුමුදු අතුකෝරල මිත්‍රයා යි.
– ඩිල්ශානි චතුරිකා දාබරේ