චිකාගෝ නුවර වෙඩි තැබීම් මාලාවක් 6 ක් මියයයි

ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු වෙඩි තැබීම් මාලාවකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධය වාර්තා සඳහන් කරයි.
පසුගිය කාලය පුරාවට ඇමෙරිකාවේ බිහිසුණු වෙඩි තැබීම් රැසක් වාර්තා වූ අතර, මෙම වෙඩි තැබීම චිකාගෝ නුවර දකුණු ඇල්බනි පළාතෙන් වාර්තා වෙයි.
පොලිසිය පවසා ඇත්තේ වෙඩික්කරුවන් දකින දකින පුද්ගලයන්ට වෙඩි තැබූ බවය. වෙඩි වැදී මියගිය ඇතැමුන් මෝටර් රථවල ගමන් කරමින් සිටි බව ද පැවැසෙයි.
ජනාධිපති ජෝ බයිඩන් විසින් ගිනි අවි සම්බන්ධයෙන් නව නීති පනවන බව පසුගියදා නිවේදනය කළේය.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.