චමල් රාජපක්ෂ මන්ත්‍රී ධුරයෙන් හා දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට සුදානම්!

ඉදිරි සති කිහිපය තුළ දී චමල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව, දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
නිසි කලට සමුනොගැනීම නිසාම අගමැතිව සිටි මහින්ද රාජපක්‍ෂට ද අගමැති කමින් ඉල්ලා අස්වීමට ජනතාව විසින් බල කිරීම නිසාම ඉල්ලා අස්වීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද රටේ ජනතාවගෙන් සේම ආණ්ඩුව තුළ බහුතරයකගේ ප්‍රතික්ෂේපවීම් නිසා ම ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
එහෙත් ඔහු මන්ත්‍රධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බව ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේද රටේම ජනතාවගේ විරෝධයන් හමුවේය.
කෙසේ වෙතත් චමල් රාජපක්‍ෂද නිසි කලට ඉවත්වන්නේ නම් කතානායක ධූරය දැරීමෙන් පසු සමුගත යුතුය. එහෙත් රාජපක්‍ෂ වරුන්ට එය ගානක් නැති නිසාදෝ චමල් රාජපක්ෂ නැවතත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියේය.
රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ, හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මාතර දිස්ත්‍රීක්කයේ නිපුන රණවක මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරති.

සබැඳි

Leave a Reply

Your email address will not be published.