“අමාත්‍ය ප්‍රසන්නගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – මැයි 09 වනදා ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ කොහින් ද?”

මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ පාර්ලිමේන්තුවේදී සංඝයා වහන්සේලාට හා කතෝලික සභාවට දැඩිලෙස චෝදනා එල්ල කළ අතර එම සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ඊයේම (10) කොළඹ අගරදගුරු පදවිය පිළිතුරු දුන්නේය.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් මාධ්‍යහමුවක් කැඳවමින් එලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
එහිදී අදහස් දැක්වූ සිරිල් ගාමිණි පියතුමන්
“ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදුකළ මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කතෝලික සභාවක් හැටියට අපි හැම අවස්ථාවකදීම උත්සාහ කරලා තියෙන්නේ මේ රටේ ඇතිවෙන්නට ගිය ගැටුම්කාරී තත්ත්වයන් සමනය කරන්න. ගෝල්ෆේස් පිට්ටනියෙන් එලියට ආපු 09 වනදා ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ කොහින් ද?. 09 වනදා රට තුළ සිදුවූ ප්‍රචණ්ඩකාරී, විනාශකාරී ක්‍රියාවන් මේ රටේ බුද්ධි අංශ දැනගෙන සිටියේ නැද්ද? දැනගෙන ඉඳලත් ඒවා වලක්වන්න පොලිසියත්, හමුදාවත් ඒවා වලක්වන්නට උත්සාහ නොකළේ ඇයි. ඒකෙ වරද තියෙන්නේ පොලිසියේද, හමුදාවේද, නැත්නම් බුද්ධි අංශයේද එහෙමත් නැත්නම් ඔවුන්ගේ රාජකාරිය නිදහස්ව, ස්වාධීනව ඔවුන්ගේ රාජකාරිය ඉටුකරන්න බදා කරපු කවුරුහරි හිටියද? ”
මැයි 09 වනදා රට තුළ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසූ ප්‍රකාශයේ කොටසක් මෙසේය.
“ගෙවල් ගිනි තියන්න, ප්‍රචණ්ඩකාරී වැඩ කරන්න ගම් මට්ටමේ ඉන්න ස්වාමීන් වහන්සේලා නායකත්වය දුන්නා. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හමුදුරුවෝ කෙනෙක්. ගිනි තිබ්බෙත් හාමුදුරුවෝ කෙනෙක්. අපි දැක්කා වීඩියෝ පටයක්. පල්ලිවල ඝාණ්ඨාර ගහලා ගහලා මිනිස්සුන්ගේ ගෙවල් ගිනිතියන්න පූජකවරු කටයුතු කළා.” යනුවෙනි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.