ජොන්ස්ටන් මහෙස්ත්‍රාත් නිල නිවසට පැමිණ පිටව යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ භාර වී පිටව ගිය බව මාධ්‍ය වාර්තා කරයි.
පොලිස් කණ්ඩායම් දෙකක් යොදා සොයමින් සිටි මන්ත්‍රීවරයාට අද රාත්‍රී 8.00ට පෙර අධිකරණයට භාරවන ලෙසට අභියාචනාධිකරණය අද (09) සිදුකළ නියෝගයකට අනුව මෙලෙස අද පස්වරුවේ මහරගම ප්‍රදේශයේ පිහිටා ඇති මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ තිබුණි.
මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර වරෙන්තුවක් ද නිකුත් කර තිබුණු අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නිකුත් කළ නියෝගයෙන් දන්වා තිබුනද අද රාත්‍රී 8 ට පෙර භාරවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.