“මම හිතන්නේ රටේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕනෙ පුද්ගල චේන්ජ් හරියන්නෙ නෑ” – බැසිල්

සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මේ වන්න විට විශේෂ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් සිටියි.
ඉල්ලා අස්වීම පිළිබඳ තත්වය පැහැදිලි කිරීම සඳහා අද දිනයේදී බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තිබේ.
ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමෙන් පසු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ 2021 ජුලි 08 වනදා ය.
මෙම මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ දැක්වූ අදහස් කිහිපයක් මෙසේය
“රාජ්‍ය පාලනයේ කිසිම කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නෑ. නමුත් මම දේශපාලනය කරනවා. මම අයිතිවෙන්නෙ පාර්ලිමේන්තුවට නෙමෙයි කියලයි මම හිතන්නේ. මම පාර්ලිමේන්තුවට අවේ මුදල් අමාත්‍යංශය භාරගන්න කිව්ව හින්දයි මම අවේ. මම පාර්ලිමේන්තුවට ඇවිත් තවම අවුරුද්දක් නෑ. මම හිතන්නේ මේ වෙලාවේ වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ සිස්ටම් චේන්ජ් එකක්. නැතුව පුද්ගල චේන්ජ් එකක් නෙමෙයි. අපි මෙතෙක් කල් කළේ පුද්ගල චේන්ජ් විතරයි. මම හිතන්නෙ ඉදිරියේදී සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියල.”
“මම ලංකාවට එනකොට චෝදනා දෙකක් තිබුන මම රිමාන්ඩ් වෙලා හිටිය. මම ආවේ නඩු වලට මුහුණ දෙන්න. ගිය සතිය වෙනකොට මම අන්තිම නඩු වෙනුත් නිදහස් වුනා. දෙවැනි එක තමයි මහින්ද රාජපක්ෂගේ පරාජයට මම වගකියන්න ඕනෙ කියල. මට ඕනෙ උනා එතුමාට ජයග්‍රහණය අත්කර දෙන්න. ඒ කාරනා දෙකම දැන් ඉටු වුනා.”
මේ අතර මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුව ද බැසිල් රාජපක්ෂ සිය දේශපාලන කටයුතු අඛණ්ඩව සිදුකරනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.