නිල්ගල අක්කර සිය ගණණක් දැවෙයි
බිබිල නිල්ගල වන රක්ෂිතයේ පෙරේදා (07) දවල් ඇතිවූ ගින්න හේතුවෙන් අක්කර සිය ගණනක ගස් වැල් දැවීගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
නිල්ගල වනයේ අරළු, බුළු, නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුළු ඖෂධ ශාක හා කළුවර, බුරුත, ගම්මාලු, ඇතුළු වටිනා දැව ගස් හා අලි, කොටි, වලසුන්, වල්ඌරන්, මීමින්නන්, හාවුන්, මුවන්, ගෝනුන්, පක්ෂීන් හා උරගයන් ඇතුළු දුර්ලභ වර්ගයේ වන අක්කර හැටපන්දහසක වනයකි.
බිබිල අඩවි වන නිලධාරී වයි.සී.එස් ගුණවර්ධන ගෙන් සිදු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මෙවැනි ගිනි ගැනීම් සිදුවූ අවස්ථාවලදී වන අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දමන අතර ඇතැම් අවස්ථාවලදි ඒ සදහා යුද හමුදාවද යොදවන බවයි.