චම්පික විපක්‍ෂයේ ස්වාධීන වෙයි. ඇමතිකම් නොගන්නා බව කියයි

තමන් ඉදිරියේදි විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලි චම්පික රණවක අද (08) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් චම්පික රණවක මේ බව කීවේය. තමන් ස්වාධීන වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ලිඛිතව දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය. තමන්ගේ මෙම තීන්දුව පුද්ගලික ප්‍රශ්නයක් නොව රට ගැන සිතා ගත් තීන්දුවක් යැයි ද ඔහු සඳහන් කළේය.
රටේ පවතින ආර්ථික අර්බුදයේදි ආණ්ඩුව හා විපක්ෂය මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවට තමන් විශ්වාස කරන්නේ යැයි ද ඔහු කියා සිටියේය. විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සිටිනවා මිසක් වත්මන් ආණ්ඩුවේ ඇමතිකම් ගැනීමට අදහසක් නැතැයි ද ඔහු පැවසුවේය.
ආණ්ඩුව හරයාත්මකව වෙනස් විය යුතු බවත් පවතින ආර්ථික අර්බුදය ගැන තමන් 2013 දී ආලපාළු ආර්ථිකය නමින් කෘතියක් ලියු බවත් මන්ත්‍රීවරයා කීවේය. පවතින සාම්ප්‍රදායික දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
චම්පික රණවක ජාතික සිහල උරුමය පක්ෂය නියෝජනය කළ ඔහු පසුව, ජාතික හෙළ උරුමය පක්ෂයට එක්වෙමින් එහි නායකයා ලෙස කටයුතු කළ අතර පසුව එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමග එක් විය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.