ප්‍රසන්න රණතුංග ගෙන් දඬුවමට එරෙහිව අභියාචනයක්

වසර දෙකක බරපතළ වැඩසහිත අත්හිටවූ සිරදඬුවම් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමතිවරයා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා එම අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය වෙත භාර දී තිබේ.
2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 25ක් වටිනා පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි යන චෝදනාවට ප්‍රසන්න රණතුංග මහතා ට ඊයේ (06) වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවනු ලැබුවේය.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතියදීමට සහ එහි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත්කරදීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බිරිඳ සහ තවත් සැකකරුවෙකුට එරෙහිව ගොනුකර තිබු නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය විසින් එලෙස ප්‍රකාශයට පත්කළේය. මින් ප්‍රසන්න රණතුංගගේ බිරිඳ සහ අනෙක් පුද්ගලයා චෝදනා වලින් නිදහස් කළේය.

Leave a Reply

Your email address will not be published.