මල්වානේ මන්දිරය වෙන්දේසි කර මුදල් පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට දෙන ලෙස නියෝග

මල්වානේ නඩුවට අදාළ අක්කර 16ක ඉඩමේ ඉදිකර තිබූ නිවසේ මෙන්ම නාන තටාකයේ සහ සියලුම දේපළවල වටිනාකම රුපියල් විසිකෝටි අසූලක්ෂයක් වන බවට නීතිපති දෙපාර්තමේන්තුව සිදුකළ තක්සේරුවකදී අනාවරණ වී ඇති අතර පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ කිසිවෙකුත් හිමිකම් නොකියන මෙම ඉඩම හා නිවස ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කරන ලෙසය.
එමෙන්ම එම අලෙවි කිරීමෙන් පසු ලැබෙන මුදල් පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය බාරයට පත්කරන ලෙසද අධිකරණය නියෝග කළේය.
දොම්පේ, මල්වානේ කැලණි ගඟ අසල අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් නීතිපති දෙපාර්තමේන්තුව යහපාලන ආණ්ඩු සමයේදී බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන දෙදෙනාට එරෙහිව නඩු ගොනු කළේය.
මල්වාන නිවස සම්බන්ධයෙන් වන නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය ඊයේ (03) නියෝග කළේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත්වීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published.