රට පුරා පෞද්ගලික බස් සඳුදා සිට නෑ

ඩීසල් නොමැතිවීම හේතුවෙන් බස් රථ ධාවනයට අපහසුවී ඇති හෙයින් ලබන සදුදා (6) සිටි සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
පසුගිය දින වළ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තිබූ නිසා කෙසේ හෝ අපහසුතාවයන් මධ්‍යයේ වූවද පෞද්ගලික බස් ධාවනය කළ නමුත් විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.
බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවත්, ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවද සඳහන් කරයි.
මේ හේතු මත මගී බස් රථ සඳහා මේ සතිය තුළ ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබා නොදුනහොත් සඳුදා සිට බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ගැමුණු විජේරත්න පවසයි.

Leave a Reply

Your email address will not be published.