KK නොහොත් ක්‍රිශ්ණකුමාර් කුන්නත් හෘදයාබාධයකින් ජීවිතක්ෂයට

ඉන්දියානු සිනමාව එදාමෙදා තුර බිහිකළ අති දක්ෂතම පසුබිම් ගායන ශිල්පියෙකු වන ක්‍රිෂාන්කුමාර් කුන්නත් එහෙමත් නැතිනම් අපි කවුරුත් KK නම් වූ ඒ අසහාය ගායන ශිල්පියා ඊයේ දින කොල්කටාහි පැවති ප්‍රසංගයක් අතර ඇතුවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව කිසිවෙකුට පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කරමින් මෙලොව හැරගියේය. මිය යනවිට ඔහු 53 වන වියේ පසුවිය.
ඔහු හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් ඇතුළු විවිධ රස මුසු ගී කලාවට දායාද කළ ගායකයෙක්කි.
KK පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස තම හඬ දායකත්වය ලබා දුන් රංගන ශිල්පීන් අතරින් එක් අයෙක් ලෙස ශාරුක් ඛාන් ගත කල, ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට රැසක් තිබේ. ඔහු මුල් වරට ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් වෙනුවෙන් ගී ගයන්නේ Devdas චිත්‍රපටය වෙනුවෙන්. ඉන් පසුව Main Hoon Na, Kal Ho Naa Ho, Chak De India, Om Shanthi Om, Billu, Don 2, Happy New Year, Raees, යන චිත්‍රපට වලද KK පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.
Om Shanthi Om චිත්‍රපටය වෙනුවෙන් KK ගැයූ Ajab Si ගීතය ඔහු ගායනා කළ ගීත අතරින් අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් විය. ඔහු ඒ වෙනුවෙන් 2008 IFFA Awards හිදී හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය.
Ajab Si – Om Shanthi Om
It’s The Time To Disco – Kal Ho Naa Ho
Chale Jaise – Main Hoon Na
Ye Fizaein – Main Hoon Na
Gori Gori – Main Hoon Na
Ek Hockey – Chak De India
Mujhko Pehchaanlo – Don 2
Ae Ao E – Billu
India Waale – Happy New Year
Saanson Ke – Raees
යන ගීත KK, ශාරුක් රංගනයෙන් දායක වූ චිත්‍රපට වෙනුවෙන් ගායනය කර තිබේ.
KK අප වෙනුවෙන් ඉතිරි කර ගිය මතක ගොන්නට ස්තූතියි, ඔබට සුබ ගමන් ලෙජන්ඩ්
– Harith Kavihansa (fb පිටුවෙන් )

සබැඳි

Leave a Reply

Your email address will not be published.