“මේක ආණ්ඩුවක් නෙවෙයි – සියලු ම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතුයි”

පැලැස්තර සැලසුම් යෙදුවද රටේ වත්මන් අර්බුද වලට විසඳුම පාර්ලිමේන්තුවේ සියලු ම මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වී මැතිවරණයකට යාම බව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කරයි.
රටපුරා විවිධ අරගල දිනින් දින වැඩිවන තත්වයන් මගින් බහුතර ජනතාව ජනාධිපතිවරයාත්වත් වත්මන් අග්‍රාමාත්‍යවරයාවත් ප්‍රතික්ෂේප කරන පසුබිමක තවදුරටත් ඔවුන් එම තනතුරුවල ඉඳිමින් රට ගොඩ නැගීමට දරණ සියලු ම උත්සහයන් පලක් නොමැති බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ (29) යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර මේ බව ප්‍රකාශ කළේය.
සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආණ්ඩුවක් බවත් වර්තමාන ආණ්ඩුව ආණ්ඩුවක් ලෙස පිළිගත නොහැකි බවත්, එය එසේ පිළිගැනීමට කිසි ම හේතු සාධකයක් නොමැති බවත් ය.
රට පුරා ජනතා විරෝධය හමුවේ සිදුවී ඇත්තේ, මහින්ද රාජපක්ෂ ගේ අගමැති පුටුවේ රනිල් වික්‍රමසිංහ වාඩි වීම පමණක් බවද මන්ත්‍රීවරයා පවසයි.
ජිවත්විය නොහැකි තරමට ජනතාව භාණ්ඩ මිල ඉහළ යාම, ඉන්ධන හිඟය, ගෑස් හිඟය ආදිය වැනි තත්ත්වයක් උද්ගත වීම නිසා නව රජයක් ඉල්ලා සිටින බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.