අයි.පී.එල්. තරගාවලියට අලුතින් එක්වූ ගුජරාට් ටයිටන්ස් ජය ගනියි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගය රාජස්ථාන් රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර IPL ජයග්‍රහණය කළේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 130ක් රැස්කර ගත් අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 39ක් රැස්කළ අතර යෂස්වි ජයිස්වාල් 22ක් රැස් කළේය.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 131ක් හඹා ගොය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 18.1 දී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 133 ලබමින් ජයග්‍රහණය කළේය. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 45ක් රැස්කළ අතර නායක හර්තික් පාණ්ඩ්‍යා ලකුණු 34ක් රැස්කළේය.
IPL තරගාවලියට වසර 15ක් සපිරිම නිමිත්තෙන් සැමරුම් ජර්සියක් නිර්මාණය කර තිබු අතර එය ගිනස් ලෝක වාර්තා අතරට එක්වුණේ ලොව එතෙක් මෙතෙක් නිර්මාණය වු විශාලම ක්‍රිකට් ජර්සිය ලෙසටය. එම ජර්සිය මීටර් 66.42ක දිගකින් යුක්ත වෙයි.
මෙම වසරේ සිට අයි.පී.එල්. තරගාවලියට අලුතින් එක්වූ ගුජරාට් කණ්ඩායම මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 10 ක්ම ජයගනිමින් අවසන් වටයට පිවිසියේය. ඔවුන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පළමු අවසන් පූර්ව තරගයේදී රාජස්ථාන් කණ්ඩයාම පරාජයට පත්කරමිනි.
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.