ගංදෑලේ සැඟ ව ගිය සිහිනය…

ඉකිබිඳින අහස යට
ගම්දොර අඳුරේ
නිදි නොමැති දෑස් මත
කඳුළැලි වැගිරේ
විඳි නේක දුක් සුසුම්
නිම කර දිවියේ
නුඹ හීන සමඟ
සැඟවුනි ගං පතුලේ….
රන් තාරකාවලින්
මග අසමින්න
සංසාර දුක පුරුදු ලෙස
වළඳන්න
ගංදියේ කිමිද
පෙරුමන් පුරමින්න
තුංවේල සරිකළා
දුක දරමින්න….
වැලි මාළිගා තනන්නට
දිවි වෙරළේ
හැමදාම සිහින දුටුවා
පන් පැදුරේ
හිරු සැඟ ව ගොස්
උදාකර රැය ගෙපැලේ
නුඹ එනතුරා බලා ඉමි
පිය රජුනේ….