රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉවත්වෙන ලෙස දැනුම් දෙයි – ITN සභාපති ඉල්ලා අස්වෙයි

සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (27) පස්වරුවේ දැනුම් දුන්නේය.
මේ අනුව රූපවාහිනී සහ ගුවන් විදුලි යන සංස්ථාවවල සහ ලේක්හවුස් පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කීපයක අධ්‍යක්‍ෂ මණ්ඩවල සාමාජිකයන්ට එසේ දැනුම් දී තිබේ. ඔවුන් ඉවත් වූ වහාම නව සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම නිවේදනයට අනුව ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න කටයුතු කළ අතර ඔහු එලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.