විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට වසර දෙකක සිරදඬුවම්

පසුගිය රාජපක්ෂ පාලන සමයේ කූඨ ලේඛණ ඉදිරිපත් කර ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබේ.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published.