මැතිව්ස්, චන්දිමාල් සම්බන්ධතාව ලකුණු 199 ක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 145) සහ දිනේෂ් චන්දිමාල් (124) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 199ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් බංගලාදේශ මීර්පූර් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 506 ලබා සිටියේය. තරගයේ සිව්වැනි දිනය වන අද (26 වැනිදා) දිනයේ ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශය සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 34 ක් ලබා අසීරු තත්වයක පසු වෙයි. මේ අනුව ශ්‍රී ලංකාව මුල් ඉනිමේ බංගලාදේශයට වඩා ලකුණු 141 ක් ඉදිරියට සිටියි. බංග්ලාදේශය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 365 ක් ලබාගත්තේය.
හෙට තරඟයේ අවසන් දිනය වන හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේ ඉතිරි කඩුලු 6 ලබාඅ ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගනු ඇත.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම 9 වතාවක් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 500 කඩයිම පසුකර තිබේ.
පළමු තරගයේදී ලකුණු 199 කට දැවී ගිය ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් අද පිට පිටම දෙවැනි ශතකය ලබාගත්තේය.



Leave a Reply

Your email address will not be published.