නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක්…

පසුගිය 09 වෙනිදා ගෝල්ෆේස්, ගෝටාගෝගමට සහ අරලියගහ මැදුර අසල මයිනෝගෝගමට පහරදීමට පැමිණි මැරයින් වැලැක්වීමට කටයුතු නොකළ සහ එම මැරයින් සමග සමීපව කටයුතු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලිමන් එම අරගලයේ නිරත තරුණ තරුණයින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
පසුගිය 09 වෙනිදා එල්ල කළ මිලේච්ච ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් විසින් සැකකරුවන්ව හදුනාගැනීමේ පෙරට්ටුව අද (25) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වෙන අතර තරුණයන්ගේ තවත් ඉල්ලීමක් වුවේ, නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් ද බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට රැගෙන විත් තිබුණි.
Facebook


සබැඳි

Leave a Reply

Your email address will not be published.