නාමල් ක්‍රිෂ් ගනුදෙනුව පිලිබඳ නඩුවට අධිකරණයට – සැප්තැම්බර් 21 ට කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවේය.
එහිදී සැකකාර නාමල් රාජපක්ෂ ද අධිකරණයේ පෙනී සිටියේය.
අද අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි. මේ අනුව පැමිණිල්ලක් සැප්තැම්බර් මස 21 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළේය.
රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පසුගිය යහපාලන රජය සමයේ නාමල් රාජපක්ෂ ට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. වසර හයක් තිස්සේ තවමත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නැත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.