අමෙරිකාවේ දින 10 ක් ඇතුලත වෙඩිතැබීම දෙකකින් 31 ක් මරුට – අද ළමුන් 21 ක් මියයයි

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් තිබේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩ් හි රොබ් ප්‍රාථමික පාසලේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති අතර මියගිය ළමුන් අවුරුදු 07ත් 10ත් වයසේ පසුවන්නන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැල්වදෝර් රමෝස් නමැති 18 හැවිරිදි තරුණයෙකු විසින් වෙඩිතැබීම සිදු කර තිබේ. සැකකරු වෙඩි වැදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මීට දින දහයකට පෙරද ඇමෙරිකාවේ කළු ජාතිකයන් බහුලව වාසය කරන නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයේ සුපිරි වෙළෙඳසැලක සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබුවේය.
එහිදී ද වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 18 හැවිරිදි තරුණයෙකි. සුදු ජාතික තරුණයෙකු ලෙස හඳුනාගෙන තිබූ ඔහු අත්අඩංගුවට ගත්තේය.