ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් විපක්ෂයට ජය – මීළඟ අගමැතිවරයා ඇන්තනී ඇල්බනීස්

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයෙන් ජය ගැනීමට මෙතෙක් එරට විපක්ෂය ලෙස කටයුතු කල ලේබර් පක්ෂය සමත්ව තිබෙන අතර එහි නායක ඇන්තනී ඇල්බනීස් මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම්දීමටද නියමිතය.
ඔවුන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන බහුතරය අත්කරගැනීමට සමත්ව සිටින අතර ඒ අනුව 2013 වසරේ සිට පැවති ලිබරල් පාලනය නිමාවට පත්කරමින් ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂයේ රජයක් බිහිවන්නේ වසර 09 කට පසුවය.
ඡන්ද දායකයන් මිලියන 17 ක් සුදුසුකම් ලබා සිටි ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය එරට වේලාවෙන් ඊයේ (21) පෙරවරු 08 ට ආරම්භවී පස්වරු 06 ට අවසන්වූවේ අගමැති ස්කොට් මොරිසන්ට අගමැති ධුරය අහිමි කරමිනි.
මෙවර ඕස්ට්‍රේලියා මහ මැතිවරණය ශ්‍රී ලංකාවට ද වැදගත් විය. ඒ ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයන් 02 දෙනෙකු සහ අපේක්ෂිකාවක තරග වැදීම නිසාය.
මේ අතරත් විශේෂම සිදුවීම වන්නේ, මෙල්බන් හි හෝල්ට් ආසනය සඳහා තරඟ වැදුණු ශ්‍රී ලාංකික රන්ජ් පෙරේරා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට තවත් ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු සමත්වීමයි.
මැතිවරණ පරාජයේ පූර්ණ වගකීම තමන් භාරගන්නා බව පවසමින් මැතිවරණයෙන් පසුව අගමැති මොරිසන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත්විමට තීරණය කර ඇත.
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.