හරීන් ප්‍රනාන්දු පත්වීම ලබාගන්නා විටම බොරු කියයි – පත්වීම ගත්තෙ අප්පිරියාවෙන් අහක බලාගෙනලු

අද (20) ජනාධිපතිවරයා අතින් අලුත් ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ පත්වීම් ලිපිය ලබාගත්තේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන බවත් ඉඩම් හා සංචාරක ඇමති ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු පවසයි.
එහෙත් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පැවසු පරිදි පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් අපට පෙනෙන්න නැතුවා සේම ඔහු පැවසු පරිදි ඉවත බලාගෙන පත්වීම ජනපතිවරයා අතින් ගන්නා බවක් පෙනෙන්නට නැත.
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා මේ බව පැවසූවේ එම ඇමති ධුරය ලබා ගැනීමෙන් පසු අද (20) පැවත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.
තමන් ඇමති ධුරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක් හෝ නොමැති බවත් ඒ තමන්ට දැණුනු අප්පිරියාව නිසා බවත්
අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් “ආසයි බයයි” කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා කම්කරු හා විදේශ රැකියා ඇමති ලෙස දිවුරුම් දුන් මනූෂ නානායක්කාරද එක් වී සිටියහ.
කෙසේ නමුත් මෙම ඡායාරුප දිවුරුම් දී පැය කිහිපයකට පසු මාධ්‍ය වළ පලවිය. එසේම හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පැවසු පරිදි පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් අපට පෙනෙන්න නැතුවා සේම ඔහු පැවසු පරිදි ඉවත බලාගෙන පත්වීම ජනපතිවරයා අතින් ගන්නා බවක් පෙනෙන්නට නැත.

Leave a Reply

Your email address will not be published.