මන්ත්‍රී මිලාන් සහ සනත් නිශාන්ත විශේෂ ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තුවට
පසුගිය 09 වනදා අරලියගහමන්දිරයේ සිට පැමිණ කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක යන දෙදෙනා බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවට අද (20) රැගෙන එනු ලැබුවේය.
මන්ත්‍රී මිලාන් සහ සනත් නිශාන්ත පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ (19)දැනුම් දුන් බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය
ලබන 25 වැනිදා දක්වා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියි.