නව ඇමතිවරු 09ක් පත්කරති, ඉතිරි හත් දෙනා පොහොට්ටුවෙන් !

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් නවදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (20) දිවුරුම් දීම මීට පැය කිහිපයකට ඉහතදී සිදුවිය.
ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු නම් කර ඇති අතර ඉන් නව දෙනෙකු දිවුරුම් දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන පිරිස මෙසේ වෙනත් දේශපාලන පක්ෂවලින් දිවුරුම් දීම සිදුවෙයි. මෙම පිරිසෙන් නව දෙනෙකු දිවුරුම් දීම සිදු විය.
නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
නලීන් ප්‍රනාන්දු – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
ගෝඨාභය, වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන බව පවසන අතර ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.
මිට අමතරව ඉතිරි හත් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර, රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඇමතිලාට පඩි නෑ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.