ඇත්තටම නිහඬ කමට අපි කැමති වුනාට හැබෑම නිහඬ බව අපිට දරාගන්න පුලුවන්ද.?

සවුන්ඩ් ඔෆ් සයිලන්ස් ( Sounds of Silence) සින්දුව කවුද අහල නැත්තෙ…?
සංගීතය වගේම පදවැලත් බොහොම ලස්සනයි.
නිහඬ කමට කැමති බොහෝ දෙනෙක්
“නිහඬ කමට හඬක් තිබේ” පද වැල ගැන ගොඩක් හොඳ කියල පණිවිඩ එවල තිබුන.
ඒ නිසදැස භාශා කීපයකටම පරිවර්ථනය වුනා.
කුරුළු සද්ද ඇහෙන .. ගස් කොලන් හුලඟත් එක්ක මවන සිලි සිලි ශබ්දයට ඇහුම් කන් දෙමින් පොඩ්ඩක් ඇවිදින්න කවුද
අකමැති..?
ඇත්තටම නිහඬ කමට අපි කැමති වුනාට හැබෑම නිහඬ බව අපිට දරාගන්න පුලුවන්ද.?
ජෝන් කේජ් කියන්නෙ ඉතාම දක්ශ සංගීත නිර්මාණකරුවෙක් වගේම පර්‍යේශකයෙක්.
එයා කියනව නිහඬකම කියන්නෙ සංකල්පයක් විතරයි කියල.
නිහඬත්වය ස්වාභාවික ලෝකයේ පවතින දෙයක් නෙවේ කියලත් එයා කියනව.
“There’s no such thing as silence,” Cage said,
අනිත් හැමෝම සංගීතය හා ස්වර ගැන පර්‍යේශණ කරද්දි මේ මහත්තයා අවුරුදු ගාණක් නිහඬ කම ගැන පර්‍යේශණ කරා.
එයා කියන විදිහට ගිටාරයේ තතට ඇඟිල්ල තියද්දි නිර්මාණය වෙන්නෙ ශබ්දෙට කලින් තත මගින් නිර්මානය කරන හුලං රැල්ලෙ ශබ්දය එයාට ඇහෙනව.
මේ කොයිතරම් දුරදිග කියාද කියනව නම් තමන්ගෙ හෘද ස්පන්දනය .. රුධිර සංසරණය පවා එයාට ඇහෙන්න පටන් ගන්නව.
එක්තරා කාලයකදි යම් කෙනෙක්ගෙ සිතිවිලි ග්‍රහනය කරගන්න තරම් එයා නිහඬ බවට සංවේදී වෙනව.
චිත්ත බලයෙන් සිත් කියවනව කියන්නෙ මේ හැකියාවටමද..?
අපිට ඇහෙන ශබ්ද වලින් වැඩි ප්‍රමානයක් දෝංකාර ශබ්ද මිස සැබෑ හඬ නෙවේ කියන එකත් ජෝන් කේජ් පෙන්නල දීපු කාරනයක් .
ඒත් එක්කම මේ ශබ්ද වලින් සීයට අනූවක් මිනිස් කටහඬ හා මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘතීම ශබ්ද.
උදාහරණ. කතා භහ.. හිනාව.. සංගීතයවාහන.. ගුවන් යානා… ඉදිකිරීම් වැනි ශබ්ද..
මේ ශබ්ද අයින් කරාට පස්සෙ ඇහෙන ශබ්ද මිනිස් මොලයට ඉතාම සුවදායක බව තමා එයා කියන්නෙ.
ස්වාභාවික ශබ්දවලට පමනක් කෙනෙක් ඇහුම් කන් දුන්නොත් ඒ පුද්ගලයා ඉතාම කෙටි කලක් තුල තමාව තේරුම් ගන්නව.. දාර්ශණිකයෙක් වෙනව නැත්තං පිස්සෙක් වෙනව. මේ පිස්සුව කියල කියන්නෙ අන් අයට තේරුම් ගත නොහැකි මානසිකත්වයක්.
මොනවද මේ ස්වාභාවික ශබ්ද..? කුරුල්ලන් හා සත්තුන්ගේ හඬ.. හුලඟෙ ශබ්දය.. ගස් කොල මල් එකිනෙක හැපෙන ශබ්ද.. වතුර ගලන සද්දෙ… වගේ විශාල පරාසයක ශබ්ද මීට ඇතුලත් වෙනව.
මේ සද්ද මිනිස් මොලයට ඉතාම හිතකරයි වගේම එයින් ලැබෙන සාමකාමී හැඟීම ගැන අපි හැම දෙනාම දන්නව.
ගෞතම සිද්ධාර්ථ තාපසයා මිනිස් වාසයක් නැති නේරංජනා ගඟ අයිනට ගියේ තමන්ව තේරුම් ගන්න
ගෞතම සිද්ධාර්ථ තාපසයා ඇයි කිසිම මිනිස් වාසයක් නැති නේරංජනා ගඟ අයිනට ගියේ තමන්ව තේරුම් ගන්න. බෞද්ධ ඉගැන්වීම් වල තියනව එතුමාට තමන්ගෙ හෘද ස්පන්දනය ඇහුනු බවත්… ආශ්වාශ ප්‍රාශ්වාශය හෙවත් ආනාපානසතිය හරහා හිත එකඟ කරගන්න හැකිවූ බවත්.
නමුත් අද එතුමා අද හිටිය නම් ලවුඩ්ස්පීකර් පිරිත්.. යාතිකා .. අස්සෙ හිත එකඟ කරගන්න තැනක් හොයා ගන්න බැරිවෙනව. ඒක වෙනම කතාවක්.
යේසුස් නම් දාර්ශණිකයා ඇයි ඔලිව් වනාන්තරයට ගියේ සිද්ධවෙන දේ ගැන කල්පනා කරන්න..?
යේසුස් නම් දාර්ශණිකයා ඇයි ඔලිව් වනාන්තරයට ගියේ සිද්ධවෙන දේ ගැන කල්පනා කරන්න..?
ඒකෙන් අදහස් වෙන්නෙ නිශ්ෂබ්දතාවය වගේම ස්වාභාවික පරිසරයේ ශබ්දත් එක්ක මිනිසාගේ බොහොම තද.. ඒ වගේම ගැඹුරු සම්භන්ධයක් තිබෙන බවයි.
මේ නිශ්ෂබ්දතාවය හෙවත් නිහඬ බව ගැන පර්‍යේශණ දිගින් දිගටම සිද්ධ වෙනව.
ඒකෙ ප්‍රථිඵලයක් විදිහට තමයි ඇනචොයික් පර්‍යේශණාගර නැත්තං ඇනචොයික් කාමර ( Anechoic Chamber) නිර්මාණය වෙන්නෙ.
මේකෙ සිංහල වචනය මම දන්නෙ නෑ.
ශබ්දය මනින්න අපි පාවිච්චි කරන්නෙ ඩෙසිබල්. අපි ජීවත් වෙන පරිසරයේ සාමාන්‍ය ශබ්දය ඩෙසිබල් 25-45 අතර කියල ගනණය කරන්න පුළුවන්.
නාට්‍ය හා උත්සව ශාලාවල තිර රෙදි.. විවිධ හැඩ තල ඇති බිත්ති මගින් ශබ්දය උරා ගන්නව.
ඒ නිසා තමයි ඩෙසිබල් 20-25 වගේ අඩු ඝෝශාකාරී තත්වයක් මේ ස්ථාන වල නිර්මාණය වෙන්නෙ.
නිහඬ බව ගැන පරීක්ශණ කරන මුල්ම ඇනචොයික් කාමරවල ශබ්ද සීමාවන් ඩෙසිබල් 5-10 අතර දක්වා වුනත් 2015 දී මයික්‍රොසොෆ්ට් ආයතනය නිර්මාණය කරපු ඇනචොයික් ශබ්දාගාරයේ ශබ්ද සීමාව ඩෙසිබල් සෘණ 20.6 දක්වා පහත වැටෙනව. ( −20.6 dBA)
(මේ කාමර පර්‍යේශණ වලට වගේම විවිධ මානසික ආතතීන් හා ලෙඩ රෝග සුව කරන්න යොදා ගන්නව)
මේ තරම් නිහඬ බවක් මිනිසෙකුට දරාගන්න පුළුවන්ද..?
මුල්ම විනාඩිය ඇතුලෙදි කන් දෙක නිහඬ කමට හැඩ ගැහෙන්න උත්සාහ කරනව.
ඉන් පස්සෙ තමන්ගෙ හෘද ස්පන්දනය ඇහෙන්න පටන් ගන්නව.
ඒත් එක්කම ආමාශයේ කුඩා ශබ්ද ඇසීම ආරම්භ වෙනව.
විනාඩි කීපයකින් ඔබ උත්සාහ කරොත් නැගිටින්න හෝ ඇවිදින්න ඔබට ඒක කරන්න බැහැ.
මේ තත්වය තුල සාමාන්‍ය මිනිහෙකුට යහපත් මානසික තත්වයකින් ඉන්න පුළුවන් උපරිම කාලය විනාඩි පහලවයි.
විනාඩි විසි පහක් විතර ගත වෙද්දි මොළය විසින් විවිධ ශබ්ද නිර්මාණය කරනව.. අමුතු හැඩතල පේන්න ගන්නව.
අපේ වචන වලින් කීවොත් විකාර පේන්න ගන්නව. මානසික තත්වය සම්පූර්නයෙන්ම අවුල් වෙලා මානසික රෝගියෙක් බවට පත්වෙන්න පැයක් වත් ගත වෙන්නෙ නෑ.
සමහර පුද්ගලයන්ගෙ නාසයෙන් හෝ කන්වලින් ලේ ගලන්න තලම් මේ නිහඬ බව මොලය ඇතුලෙ බලපෑම ඇති කරනව.
මේ ගැඹුරු නිහඬ කම තුල නිර්මානය වෙන රෝග තත්වයන් තමයි..
RF radiation hazard
Fire hazard
Trapped personnel
මිනිස් මොලය හා මිනිසා ගැන මිනිසා දන්නෙ බොහොම ටිකයි.. නමුත් එයාලගෙ කල්පනාව විශ්වය දිනන්න.
අපි නිහඬ කමට කැමති වුනාට හැබෑ නිහඬ කම තුල මිනිසාට ජීවත් වෙන්න බෑ.
තෙල් පෝලිං වල.. ගෑස් පෝලිං වල දවස ගෙවන ඔබට වෙහෙස නම් ගහක් යටට යන්න.. පුලුවන් ආකාරයට සොභා දහමේ සද්ද වලට ඇහුම් කන් දෙන්න. ඒක ලොකු උදව්වක් වේවි.
John Milton Cage . 1912- 1992 ශබ්දයට වඩා නිහඬ බවින් ලෝකයක් වසඟ කරපු සංගීතඥ්ඥයෙක්.
එයා අවුරුදු දාහතරෙදි ලියපු කවියක් තමයි පහත තියෙන්නෙ.
Much of our
of borEdom
Toward talks in
it misled Him
diplOmatic skill to
place to place but Does it look
at present Most
fivE Iranian fishermen
cuTbacks would not
පිංතූර: නූතන ඇනචොයික් කාමර
– Malcolm Sang

සබැඳි

Leave a Reply

Your email address will not be published.