අන්තරේ පාගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ පාගමන කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලට පැමිණෙද්දී පොලීසිය මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කර තිබූ අතර එම ස්ථානයේදී මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල තිබේ.