සයිමන් ශෂාවා…………

කෝ කොහෙද ඔයා එන්නකො දුවලා
මයිකල් යන්න ගිහින් ලෙන් දොර ඇරලා
රිදී කාසි දොරගුළු ඇර පෙවු කිරි කඳුලක
සතුටු සිනාහා මැවී දිලුනි අහස්ගව්ව මත
වෙන්වීම දුකම බව දැනුනේ අසඩක් අභියස
යන්න ගියේ ඇයි මයිකල් සඳ ගිර අතහැර
උණ පියලි වැටුන ගං ඉවුරේ වැල් පාලම ලඟ
දහසක් දුක් කර පින්නා උබ තුරුලට ගෙන
පරදුවට තියා ජීවිතයම ගඟ තරණය කළ
මගෙ සෙනෙහස යන්න ගිහින් හුණුවටයෙන් පැන
– චමින්ද ක්‍රිශාන්ත
චමින්ද ක්‍රිශාන්ත ලියන ලද සයිමන් ශෂාවා…………නම් කවියට මුහුණු පොතෙහි සටහනක් තබන ජයන්ත කහටපිටිය 
මාස ගානකින් කවියක් ලියලා වත්, කවියක් ගැන සිංදුවක් ගැන, පොතක් ගැන ලියලා වත් නෑ. මිනිස්සු දුක් විඳිද්දී මොන සාහිත්‍යය ද කියලා පුළුවන් තරම් ලිව්වෙ සටන් පාඨ තමයි.
ඒත් මේ පද ටික දැක්කම මොනව හරි ලියන්න ඕනෑම කියල හිතුනා.
ගෘෂානම් මෙහෙකාරියට ආදරවන්තයො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සයිමන් සෂාවා කියන සොල්දාදුවා. අනික මයිකල් කියලා බිලිදු දරුවෙක්. ඒත් ඒක රාජ කුමාරයෙක්.
ඒත් කාලෙකට පස්සේ ගෲෂා දැනගන්නවා මයිකල් පැනලා ගිහින් කියලා. ඇය සයිමන්ට දුක කියන කතාව තමයි මේ තියෙන්නෙ. කතාවේ බ්‍රෙෂ්ට මග ඇරෙන කොටස චමින්ද ක්‍රිෂාන්ත ලියනවා.
අසඩක් ඉස්සරහ ගෘෂා ඇත්ත අම්මට චැලෙන්ජ් කරල පවරා ගන්නේ තමන්ට ඉෂ්ට කරන්න පුළුවන් වගකීමක් නෙමෙයි. මට හිතෙන්නේ හිතෙන්නෙ අපි හැමෝම මෙච්චර කල් පවරා ගෙන හිටියේ එක කුමාරයෙක් නෙමෙයි රජ පවුලක්ම නඩත්තු කරන එක. මයිකල් කුමාරයා වගේ මේ රාජ කුමාරවරුත් තමන් නඩත්තු කරපු ජනතාව පාවල දුන්න. බ්‍රෙෂ්ට් අපිට ගෲෂා හරහා කියා නොදුන්නු පාඩම තමයි මේ චමින්ද කියන්නේ. රජකුමාරවරුන් ට ආදරය කරන්න වත් උන්ව නඩත්තු කරන්නවත් එපා.
– ජයන්ත කහටපිටිය

සබැඳි

Leave a Reply

Your email address will not be published.