“අදටත් මගෙ ගාව තියෙන ‘මඩොල් දූව’ පින්තූර බලද්දි, මට මැවෙන්නෙ නිමල් සහ සුනිල්”

‘මඩොල් දූව’ රූ සටහන්:
ටී. බී. ඉලංගරත්නයන්ගෙ ‘අඹ යහළුවෝ’ මුල් පොතේ පිටකවරෙ තිබුනෙ කොළ පාටින් කියල කාටද මතක ? ඉස්කෝලේ ඇරිල ඇවිත් බත් පිඟාන කනගමන් ඔය පොත කියවල ඇති සියවාරයක්. ඊටත් අවුරුදු ගාණකට පස්සෙ, සුදත් දේවප්‍රිය ‘මැවුම්කරුවා’ ඒ කතාව ගේනවා රූපවාහිනියට. මම හරිනම් බදාදා රෑ 8.30. පිටුවල අකුරින් ලියල තිබුණු, මෙච්චරකල් කියවනගමන් චිත්‍ර-රූප මවාගත්තු, ළමා කතාවක් හැටියට ජීවමානව අත්විඳින්න ඇත්නම්යැයි හීන මවපු ‘අඹ යහළුවෝ’ කතාව රූප පෙට්ටියේ යද්දි, මගේ ලෝකයේ වීරවරු වෙච්ච සුනිල්-නිමල් චරිත දිහා බලාගෙන හිටියෙ කට ඇරගෙන. ඒ මාස කීපයේ මම රසික පෙරේරාව සහ අශේන් මංජුලව ඇදහුවෙ පුදුම ඊරිසියාවකින්.
අවුරුදු කීපයයි ගියේ…. අවස්තාව ලැබෙනව මට, ඒ අධ්‍යක්ෂකවරයා යටතේම, ඒ සමානව කියවා රසවින්ද, මා(ර්)ටින් වික්‍රමසිංහයන්ගේ ‘මඩොල් දූව’ ටෙලි නාට්‍යයේ උපාලි ගිනිවැල්ලේගේ චරිතය රඟපාන්න. සංතෝසය දෙගුණ වෙන්නෙ, මම අදහපු වීරයන් දෙන්නත් එක්ක, මුළු රූගත කිරීම් කාලය පුරාම ගැවසෙන්න ලැබීමත් එක්ක.
එදා ජින්නා වෙච්ච අශේනුත්, පෙරකදෝරු පුත්‍රයා වෙච්ච රසිකත්, අද රංගන ජීවිතයෙන් එහාට අඩිය තියපු උගතුන් වෙලා.
ඒත්, අදටත් මගෙ ගාව තියෙන ‘මඩොල් දූව’ පින්තූර බලද්දි, මට මැවෙන්නෙම නිමල් සහ සුනිල්.
– භානුක මනෝරත්න (ෆේස්බුක් සටහනක්)


Leave a Reply

Your email address will not be published.